Thursday, February 05, 2026
Follow Us
ශ්‍රී ලංකාව සඳහා තායිලන්ත රාජධානියේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව තායිලන්ත රාජධානියේ රජය විසින්, හිටපු තානාපති චූලමනී චාර්ට්සුවන් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන පොජ් හාර්න්පෝල් මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා වන තායිලන්ත රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් පත් කොට ඇත. එතුමා 2021 නොවැම්බර් 16 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 නොවැම්බර් මස 16 වැනි දින