Monday, September 16, 2024
Follow Us
ගෝලීය තේ ප්‍රවර්ධන වැඩසටහන මොස්කව්වල

ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම විදේශ විනිමය ඉපැයීමේ කර්මාන්තය වන ceylon tea ඩොලර් මිලියන 50 ක ගෝලීය සිලෝන් තේ ප්‍රවර්ධන ව්‍යාපාරය ලබන මාසයේදී රුසියාවේ මොස්කව් නුවරදී ආරම්භ කිරීමට නියමිතව ඇත. මීට සමගාමීව අපනයන ඉපැයීම් ඉහළ නැංවීම සඳහා තවත් ප්‍රධාන වෙළෙඳපොළවල් 11 ක් ආරම්භ කෙරේ.

ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරය සැප්තැම්බර් 25 වනදා මොස්කව් නුවරදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත් අනතුරුව ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනයේ පැවැත්වීමට නියමිත වෙළෙඳ ප්‍රචාරණය ක්‍රියාත්මක කරන බවත් ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 50 ක (රුපියල් බිලියන 8.75) අයවැයක් වෙන්කර ඇති බවත් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසීල් විජේවර්ධන මහතා පැවසීය. ඒ මහතා වැඩ්දුරටත් පවසා සිටියේ ජපානය හා චීනය යන රටවල් දෙක තුළ ද මෙම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරන බවයි.

ලංකාවේ තේ සඳහා වෙළෙඳපොළ වටිනාකම අනුව දෙවන විශාලතම රට රුසියාවයි. 2018 දී රුසියාව ඩොලර් මිලියන 154 ක් වටිනා කිලෝග්‍රෑම් මිලියන 30.5 ක් ආනයනය කර ඇත. එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, චිලී සහ ජර්මනිය මෙම ව්‍යාපාරයේ අනෙක් ඉලක්ක වෙළෙඳපොළ වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය ප්‍රවර්ධන ව්‍යාපාරය සාම්ප්‍රදායික ක්‍රමවේදයන්හි සිට සමාජ මාධ්‍ය වෙත සිය අවධානය යොමු කරමින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත ළඟා වීමට කටයුතු කරමින් වසර අවසානයේදී තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා තව දුරටත් පැවසීය.

(Dinamina)