Tuesday, July 08, 2025
Follow Us
ඇෆ්ගනිස්තානය සාගතයක- කාන්තාවන් බේකරි ඉදිරිපිට පාන් සිගමනේ

ඇෆ්ගනිස්තානය මේ වනවිට දරැණු ආහාර අර්බුදයකට මුහුණ දී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරනවා.

පජ්වොක් ඇෆ්ගන් පුවත් සේවය වාර්තා කළේ දරැවන්ගේ සාගින්න නිවීමට පාන් ලබාදෙන ලෙස ඉල්ලා එරට කාන්තාවන් බේකරි ඉදිරිපිට සිගමන් යදිමින් සිටින බවයි.

දිළිදුකමෙන් සහ ජීවනෝපාය මාර්ගයක් නොමැතිකමෙන් පීඩා විදිමින් සිටින තමන්ට සිගමන් යදිනවා හැරෙන්නට කළ හැකි අන් දෙයක් නොමැති බව පාන් සිගාකෑමට කාබුල් හි පෝලිම්වල සිටි කාන්තාවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

කාබුල්හි බේකරි හිමියන් පිරිසක් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්ට ඇතැම් අවස්ථාවලදී ‍මෙම පිරිස් වෙත නොමිලේ පාන් ලබාදීමට හැකියාව තිබුණත් බොහෝ අවස්ථාවලදී එය කළ නොහැකි බවයි.

මෙසේ ආහාර සිගමනේ යන ඇෆ්ගන් කාන්තාවන්ගෙන් වැඩි පිරිස වැන්දඹුවන් බවත් ඔවුන්ගේ සැමියන් ගැටුම්වලදී මියගොස් ඇති බවත් පැවසෙනවා.

තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමට පෙර මොවුන් සුලු රුකියා කර තම පවුල් නඩත්තු කර ඇතත් තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට රුකියා කිරීම තහනම් කිරීම හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව ද අහිමිව ඇති බව සදහන්.

(Neth)