Monday, July 07, 2025
Follow Us
අනිද්දා කොළඹට එන විශේෂ ගුවන් යානය

එයාර් සීෂෙල්ස් 6-18 කොළඹට එයි


‘එයාර් සීෂෙල්ස්’ ගුවන් සේවය නොවැම්බර් 06 සහ නොවැම්බර් 18 යන දිනවල කොළඹට විශේෂ ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ වාර්තා සඳහන් කරයි. එයාර් සීෂෙල්ස් යනු සීෂෙල්ස් ජනරජයේ ජාතික ගුවන් සේවයයි.

එයාර් සීෂෙල්ස් ගුවන්යානය නොවැම්බර් 6 වන දින සීෂෙල්ස් සිට පැය 09.00ට පිටත් වී පැය 14.45 ට කොළඹට ගොඩබසිනු ඇත. එම ගුවන්යානය කොළඹින් පැය 15.45ට නැවත පිටත් වී පැය 18.30ට සීෂෙල්ස් වෙත ගොඩ බසිනු ඇත.

අනතුරුව නොවැම්බර් 18 වැනි දින ආපසු පැමිණෙන ගුවන්යානය සීෂෙල්ස් වෙතින් පැය 09.00ට පිටත් වී පැය 14.45ට කොළඹට ගොඩබසිනු ඇත.
‘ආර්ථික පන්තියේ’ ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර සීෂෙල්ස් රුපියල් 11,775ක් (ශ්‍රී ලංකා රුපියල් 180,275) වන අතර රැගෙන යා හැකි ගමන් මලුවල බර කිලෝග්‍රෑම් 30කි. ව්‍යාපාරික පන්තියේ ගාස්තුව සීෂෙල්ස් රුපියල් 21,015 (ශ්‍රී ලංකා රුපියල් 321,739) සිට ආරම්භ වන අතර රැගෙන යා හැකි ගමන් මලුවල බර කිලෝග්‍රෑම් 40 කි.

(Aruna)