Tuesday, July 08, 2025
Follow Us
ෆේස්බුක්වල නව වෙනසක්

Facial recognition ඉවත් කිරීමට තීරණයක්


ෆේස්බුක් සමාජ ජාලය පසුගියදා මෙටා නමින් නම් වෙනස් කිරීමක් සිදු කළ අතර ‘මෙටා’ යන නව සන්නාමයෙන් තම මව් සමාගම මින් ඉදිරියට හැඳින්වුවත්, ෆේස්බුක් සමාජ මාධ්‍යයේ නම එලෙසින්ම පවතිනු ඇති බවයි මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ.

මේ අතර ෆේස්බුක් සමාජ ජාලය තුළ facial recognition තාක්ෂණය හෙවත් මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය ඉවත් කිරීමට එම සමගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යම් පුද්ගලයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් මින් ඉදිරියට සිදු වන්නේ නැහැ.

පෞද්ගලිකත්වය සහ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම තීරණය මොවුන් ගෙන ඇති බව සඳහන්.

(Aruna)