Tuesday, March 11, 2025
Follow Us
නව තානාපතිවරියන් දෙදෙනෙක් සහ කොමසාරිස්වරියක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අක්ත පත්‍ර භාරදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් සඳහා නව තානාපතිවරියන් මෙලෙස පත් කර ඇති බවයි.

ට්‍රීන් එස්කඩෙල් මහත්මිය නෝර්වේ තානාපතිනිය ලෙස පත් කර ඇත.

මහ බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ, සාරා හල්ටන් මහත්මියයි.

එම රටවල් ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට නව තානාපතිවරියන් කැපවනු ඇතැයි ජනාධිපතිතුමා එහිදී විශ්වාසය පළ කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

(Lanka Leads)