Thursday, April 25, 2024
Follow Us
බ්‍රිතාන්‍යයෙන් චීනයට අවවාදයක්

තායිවානය සමග වන අර්බුදය සාමකාමී ලෙස විසදාගන්නා ලෙස බ්‍රිතාන්‍යය චීනයට දැනුම්දෙනවා. බ්‍රිතාන්‍යය ආරක්ෂක ලේකම් බෙන් වොලස් සදහන් කරන්නේ චීනය විසින් තායිවානයට එරෙහිව මිලිටරි බලය යොදා ගැනීම ප්‍රඥාවන්න ක්‍රියාවක් නොවන බවයි.

බ්‍රසල්ස් හි නෝටෝ සමුලුවකට සමගාමීව චීන ,තායිවාන අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළකරමින් බ්‍රිතාන්‍යය ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

පසුගියදා චීනය සිය ගුවන් හමුදා යානා විශාල සංඛ්‍යාවක් යොදාගෙන තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කරනු ලැබුවා.

මෙය චීනය සිය මිලිටරි බලය ප්‍රදර්ශනය කිරීමක් බවයි බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

මෙවැනි ක්‍රියා හරහා චීනය ද අනතුරකට මුහුණ දෙන බව බෙන් වොලස් වැඩිදුරටත් සදහන් කළා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, චීනය පසුගිය ඔක්තෝබර් 01 වනදා එකවර විශාල ගුවන් යානා සංඛ්‍යාවක් යොදා ගනිමින් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම පිළිබද තායිවානය සහ ඊට සහය දෙන බටහිර රටවල් විශේෂ අවධානයක් ⁣යොමු කර ඇති බවයි.

(Neth)