Sunday, February 08, 2026
Follow Us
සිය ධූර කාලය අවසන් කරන ඇමරිකානු තානාපතිවරිය විදේශ ඇමති හමුවෙයි

ඉදිරියේදී සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මැතිනිය විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී සමුගත්තාය.

වෙළෙඳාම, ආයෝජනය සහ ජාත්‍යන්තර සංසද තුළ දී සහයෝගීතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා තානාපති ටෙප්ලිට්ස් මැතිනිය සමඟ සාකච්ඡා කළේය.

(news.lk)