Saturday, April 20, 2024
Follow Us
උතුරු කොරියාවෙන් ජපාන මුහුදු ප්‍රදේශයට මිසයිලයක්

උතුරු කොරියාව බ්ලැස්ටික් මිසයිලයක් නැගෙනහිර වෙරළට ආසන්න මුහුදු දෙසට එල්ලකර ඇති බව දකුණු කොරියාව සහ ජපානය පවසනවා.

උතුරු කොරියාවේ සිම්පෝ ප්‍රදේශයෙන් හදුනා නොගත් බ්ලැස්ටික් මිසයිලයක් අද උදෑසන දියත් කර ඇති බවයි දකුණු කොරියානු ආරක්ෂක ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ. මෙම තත්ත්වය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ සඳහා අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් දකුණු කොරියානු ආරක්ෂක ප්‍රධානීන් පවසා තිබෙනවා.

උතුරු කොරියාව මෑත සති කිහිපය තුළ හයිපර්සොනික් සහ දිගුදුර මිසයිල සහ ගුවන් යානා නාශක අවි පර්යේෂණ රැසක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය කණගාටු දායක තත්ත්වයක් බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ ක්‍රිෂිඩා ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියාව සිදු කරන බ්ලැස්ටික් මිසයිල ඇතුලු න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති පසුබිමක සිදු කෙරෙණ මෙවැනි ක්‍රියා ජාත්‍යන්තර තිතී උල්ලංඝණය කිරීමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

(Neth)