Monday, July 07, 2025
Follow Us
තෙල් ගන්න ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගනී

ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි.

මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙලෙස ඉන්දියාවෙන් ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට බවයි.

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන 24 ක්. එය අදාළ සමාගම්වලට ඊයේ දිනයේදීම ගෙවා දැමීමටයි මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ.

(Neth)