Sunday, July 06, 2025
Follow Us
මහජන ආරක්ෂක ඇමති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය අතර හමුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණි.

එක්සත් රාජධානියත් ශ්‍රී ලංකාවත් අතර දීර්ඝ කාලීනව පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීමට හැකි පොදු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී. දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රශීලී සම්බන්ධතා ශක්තිමත් කිරීම, ආරක්ෂාව පිළිබඳ සබඳතාවන් වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ අන් ජාතිකයන්ගේ නියෝජනය වැඩි කිරීම වැනි කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.

 තවද මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීමට දැනට පවතින පොලිස් යාන්ත්‍රණය නවීකරණය කිරීම හා 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම හා දෙරටට බලපාන සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු බොහොමයක් මෙහි දී සාකච්ඡා කර ඇත.

(news.lk)