Thursday, February 05, 2026
Follow Us
ෆේස්බුක් යළිත් බිඳ වැටේ

ෆේස්බුක් ආයතනයෙන් සියලු ම පරිශීලකයින්ට විශේෂ නිවේදනයක්


සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය සමාව අයැද තිබෙනවා.

මේ සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ පැය දෙකක් තිස්සේ වාර්තා වූ අක්‍රියවීමට හේතු වී ඇත්තේද එහි පද්ධති සැකසුම් දෝෂයක්.

මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆේස්බුක් සමාගමට අයත් යෙදුම් සඳහා බලපා තිබෙනවා.

කෙසේ නමුත්, මේ වනවිට දෝෂය නිවැරදි කර ඇති අතර, එම සේවාවන් යථා පරිදි සිදුවන බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.

පසුගිය සඳුඳා ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය පැය 06කට ආසන්න කාලයක් බිඳ වැටීමට ලක් වූ අතර, එය ලොව පුරා බිලියන 3.5ක පරිශීලකයින්ට බලපෑවා.

(Aruna)