Wednesday, May 08, 2024
Follow Us
ෆේස්බුක් ළමා මානසික සෞඛ්‍යයට අහිතකරයි

ෆේස්බුක් සමාගමේ හිටපු කළමනාකරුවකු කළ හෙළිදරව්ව


ෆේස්බුක් සමාගමේ වෙබ් අඩවි සහ යෙදවුම් (ඇප්) ළමයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බව එම සමාගමේ හිටපු කළමනාකරුවකු වන ෆ්‍රැන්කෙස් හවුජෙන් පවසා තිබේ.

එම දැනුම්දීමේදී හිටපු කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ෆේස්බුක් සමාගම් වෙබ් අඩවි සහ යෙදවුම් මගින් සමාජය බෙදීමකටද ලක් කෙරෙන බවකි.

ෆේස්බුක් සමාගමේ සමාජ මාධ්‍ය කටයුතු සියුම් නිරීක්ෂණයකට ලක් කළයුතු බවටත්, එම කටයුතු නියාමනයකට ලක් කළයුතු බවටත් මෑතක සිට විවේචන එල්ල වෙමින් පවතියි. එවන් පසුබිමක ෆ්‍රැන්කෙස් හවුජෙන් කළ පෙන්වාදීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
තම සමාගමට එරෙහිව නැගෙන මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සඳහන් කරන්නේ එම විවේචනයන් අතාර්කික බවකි.

තම සමාගමේ උත්සාහය අහිතකර අන්තර්ගතයන්ට එරෙහිව සටන් කිරීම බව මාර්ක් සකර්බර්ග් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ආරක්ෂාව, යහ පැවැත්ම සහ පුද්ගල මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳව තම සමාගම ගැඹුරින් අවධානය යොමු කරන බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)