Thursday, May 09, 2024
Follow Us
අනිල් ජාසිංහත් ජාත්‍යන්තරයට

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට ජාත්‍යන්තරයෙන් තනතුරක්


එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධූරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා

අද (06) කොරියා ජනරජයේ සුවොන් සිටි හි පැවැති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපති ධූරය සඳහා පත් කර ගත් බව සඳහන්

ඒ අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතයි

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුර සඳහා තේරී පත්වී ඇත්තේ මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ දීයි

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබනවා.

(Aruna)