Thursday, September 10, 2026
Follow Us
දෙමළ සන්ධානය ඉන්දීය විදේශ ලේකම්ට දුක කියයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම, 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ඇතුළු දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් සඳහා මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටි බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසුවේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම්වරයා සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.

(Neth)