Friday, March 29, 2024
Follow Us
ගුගල් තහංචි මැද Huawei පාරිභෝගිකයින් අනතුරේ

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම විසින් ලබාදී තිබු ඇන්ඩ්‍රෝයිඩ් Play Store පද්ධතිය හරහා Huawei දුරකථන වෙත ලබාදෙනු ලබන සේවා සිමා කිරීමට ලක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව වැඩියෙන්ම ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන සමාගම් අතර දෙවන ස්ථානයේ පසුවන චීනයේ Huawei සමාගම සමග අමෙරිකාවේ පවතින මතභේදය හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුවී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් විසින් Huawei සමාගම අමෙරිකාව තුල අසාදු ලේඛණ ගත සමාගමක් ලෙසද නම් කරනු ලැබුවේ මිට සති කිහිපයකට ඉහතදීය.

ගුගල් සමාගම ගනු ලැබූ තීරණයත් සමගම ඉදිරියේදී වෙලදපලට නිකුත් වීමට නියමිත Huawei සමාගමේ නවතම දුරකථන මාදිලි වලට ගුගල් Play Store හරහා Youtube, ගුගුල් මැප්ස් වැනි Apps භාගත කර ගැනීමේ හැකියාවක් නොමැති බව සදහන්.

එමෙන්ම දැනට භාවිතයේ තිබෙන Huawei ජංගම දුරකථන සදහා ගුගල් සමාගමේ සේවා සැපයීම සිදුවුවත්, මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වීමට නියමිත ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයත් (New update) සමග ගුගල් Play Store හරහා සේවා ලබා ගැනීමේ අපහසුතාවයක් මතු වනු ඇති.

ගුගල් සමාගමේ ප්‍රධාන මෘදුකාංග වන Youtube, ගූගල් මැප්ස් වැනි සේවාවන් මේ හේතුවෙන් නියමිත පරිදි යාවත්කාලින කර ගැනීමේදී අසීරු තාවයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Huawei සමාගම සදහන් කරන්නේ සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී විශේෂිතවූ වැඩපිළිවලක් ආරම්භ කරන බවට සදහන් කර සිටියි.

(Neth)