Monday, July 07, 2025
Follow Us
රුසියාවේ හා කැනඩාවේ තානාපතිවරුන්ට අක්තපත්‍ර නිකුත් කරයි - ජගත් වැල්ලවත්ත තවමත් ගෙදර !

රුසියාවේ තානාපතිවරිය ලෙස මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත්කර තිබෙනවා. මීට අමතරව කැනඩාවේ මහ කොමසාරිස්වරයා හර්ෂ කුමාර නවරත්න මහතා පත්කර තිබෙනවා. එම පත් කිරීම්වලට අදාලව ජනාධිපතිවරයා විසින් අක්තපත්‍ර නිකුත් කර ඇති අතර මේ වනවිටත් ජනිතා ලියනගේ මහත්මිය සහ හර්ෂ කුමාර මහතා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ මහ කොමාසාරිස්වරයා ලෙස පත්කර සිටින ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මේ දක්වා පිටත්ව ගොස් නොමැත. එම පත් කිරීමට අදාල අක්තපත්‍ර ජනාධිපතිවරයා විසින් මේ දක්වා නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

(LNW)