Thursday, May 14, 2026
Follow Us
ඉන්දීය විදේශ ලේකම් අද ජනපති සහ අගමැති හමුවෙයි

මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතයි. ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අතර ද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

(Neth)