Friday, March 27, 2026
Follow Us
නොවාවැක්ස් ළමුන්ට අත්හදා බලයි

ළමුන්ට දෙන්න අලුත් එන්නතක් ගැන පරීක්ෂණ


වයස අවුරුදු 7ත් 11ත් අතර ළමුන්ට නෝවාවැක්ස් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් දෙවන අදියරේ අත්හදාබැලීම් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමයින් යොදාගනිමින් එන්නත අත්හදාබැලීම සඳහා ඉන්දීය ඖෂධ පරිපාලකයන් එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයට අනුමැතිය ලබාදීමත් සමඟ මෙය ආරම්භ කර තිබේ.

නෝවාවැක්ස් එන්නත, සීරම් ආයතනය නිපදවන්නේ කොවොවැක්ස් යන වෙළෙඳ නාමය යටතේයි.

මේ වන විට සයිඩස් කැඩිලා ඩී එන් ඒ කොවිඩ් මර්දන එන්නත අවුරුදු 12 ඉක්මවූ සියලුමදෙනාට ලබාදීම සඳහා ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

(Aruna)