Monday, July 07, 2025
Follow Us
GSP ප්ලස් සහනය දෙනවද නැද්ද තීරණය කරන්න යුරෝපා සංගමයේ කණ්ඩායමක් දිවයිනට

GSP ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් 05 දෙනෙකු ලබන සඳුදා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

එම නියෝජිතයින් මෙරට රජයේ හා විපක්ෂයේ නියෝජිතයන්,වෘත්තීය සමිති ඇතුලු අදාළ සෑම පාර්ශවයක්ම සමග සාකච්ඡා කිරීමට නියමිත අතර GSPප්ලස් බදු සහනය ලබාදීමට අදාළව ශ්‍රී ලංකාව මානව හිමිකම්, ජාත්‍යන්තර කම්කරු ප්‍රඥ්ප්තීන් ඇතුලුව එකගවී ඇති සම්මුතීන්වලට යටත්ව කටයුතු කරන්නේද යන්න පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්.

මෙම සංචාරයේදී රැස්කර ගන්නා තොරතුරු ලබන වසරේ මුල භාගයේදී යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බවද දැක්වෙයි.

ඒ අනුවයි GSP ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම අඛණ්ඩව සිදුකරන්නේද යන්න අවසන් තීරණයක් ගනු ලබන්නේ.

(LNW)