Monday, July 07, 2025
Follow Us
ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලයි

ඉන්ධන මිලදී ගැනීම ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඉන්දීය ණය ආධාර ක්‍රමය මෙම ණය මුදල ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන්.

දිවයින තුළ උද්ගතව ඇති ඩොලර් හිඟය හමුවේ මේ වනවිටත් දැඩි ලෙස ආනයන සීමා පනවා ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන සලකා බැලීමේදී වැඩිම ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඉන්ධන ආනයනය කිරීම සඳහාය. මීට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද දිගු කාලීන ණය පදනම යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ද සාකච්ඡා කර තිබිණි.

(LNW)