Thursday, February 05, 2026
Follow Us
කොඩ් නායකයින්ගේ හමුව අමෙරිකාවේදී සාර්ථකව අවසන්

“කොඩ්” හමුව අමෙරිකාවේ වොෂිංටනයේදී සාර්ථකව අවසන් වුණා. ඒ, අමෙරිකානු, ඉන්දියානු, ජපාන හා ඔස්ටේ්‍රලියානු රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන්. හමුව පැවැත්වුණේ ධවල මන්දිරයේදීයි. මෙවර හමුවේදී සාර්ථක තීරණ කිහිපයකටම එළඹීමට හැකිවූ බවයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිගේ සූගා විදෙස් මාධ්‍ය හමුවේ පැවසුවේ.

හමුවේදී කොරෝනා මර්දන එන්නත්කරණය සහ බලශක්තිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ගේ අවදානය යොමුව තිබෙනවා.

පැය 02 ක් පමණ පැවැති සාකච්ඡාවලදී සාමාජික රටවල එකමුතුව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඉන්දු - පැසිෆික් කලාපය තුළ චීනය සමග පවතින තරගකාරීත්වය සම්බන්ධයෙන් ද වැඩි අවදානයක් යොමුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. අමෙරිකානු, ඉන්දියානු, ජපාන හා ඔස්ටේ්‍රලියානු රාජ්‍ය නායකයින් මෙහිදී එකගවී ඇත්තේ වාර්ෂිකව මෙම හමුව පැවැත්වීමටයි.


(Neth)