Monday, July 07, 2025
Follow Us
ලෝකෙම බලාපොරොත්තු සුන් කරමින් කොරෝනා අලුත් වෙයි

මොනම විදිහකින්වත් මේච්චල් කරන්න බැරි අලුත් ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතු වේ


කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන අමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නව ප්‍රභේදය ආර් පොයින්ට් වන් (R.1) ලෙස හඳුන්වන අතර එය මුලින්ම ජපානයෙන් හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් එම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 45දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් මෙම නව ප්‍රභේදය සතුව පවතින බව විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් මෙම ආර් පොයින්ට් වන් ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)