Thursday, June 04, 2026
Follow Us
රත්නපුරෙන් සොයාගත් විශාලතම මැණික ස්විස්ටර්ලන්තයට

රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි.

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

(Neth)