Sunday, March 29, 2026
Follow Us
ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇමතීම අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව ආරම්භ වුණේ ඊයේ දිනයේදීයි.

මෙවර එහි තේමාව වන්නේ “කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

සමුළුවට සමගාමීව හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ අනිද්දා පැවැත්වෙන බලශක්ති පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

(Neth)