Thursday, November 06, 2025
Follow Us
තලෙයිබාන් නායකයින් අතර මත ගැටුම්

ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවා දින කිහිපයකට පසු තලෙයිබාන් නායකයින් අතර ආරවුලක් ඇතිවී තිබෙනවා. කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයේදී ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාව පරාජය කිරීම සඳහා වැඩිම දායකත්වයක් දුන්නේ කවුරුන්ද යන්න සහ නව කැබිනට් මණ්ඩලය තුළ බලය බෙදී ගොස් ඇති ආකාරය පිළිබඳ එහිදී දෙපාර්ශවය අතර වාද විවාද ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තත්ත්වයත් සමග තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල්ගානි කාබුල් අගනුවරින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

(Neth)