Wednesday, July 02, 2025
Follow Us
පැරාඔලිම්පික් අද සිට - ශ්‍රී ලංකාවෙන් 9 ක් තරග බිමේ

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී අද ආරම්භ වනවා. ඒ සදහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධිකයි.

ක්‍රීඩා 22ක තරග ඉසව් 539ක් මෙවර පැරා ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ 2016 රියෝ පැරාඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් ලෝකඩ පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තයි.

(Neth)