Saturday, July 05, 2025
Follow Us
කොවිඩ් නිසා සතියක් වැසෙන නගරය

අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසා දැමීමට තීරණයක්


නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කළාය.

එම ආසාදිතයා අද (17) හමුවී ඇතිබව එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙයි.

හඳුනාගත් ආසාදිතයාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි යන අනුමානය මත තමා එවැනි තීරණයක් ගත් බව ආර්ඩන් පැවසුවාය.

(Aruna)