Friday, July 04, 2025
Follow Us
තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000 ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම 12.30 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

එම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා එන්නත් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක පැවසුවේ. ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස භාවිත කෙරෙන තවත් එන්නත් මාත්‍රා 135,000 ක් මෙම මස තුළ මෙරටට ලබාදීමට රුසියානු සමාගම එකගතාව පළ කර ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාක්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

(Neth)