Sunday, September 08, 2024
Follow Us
‘‘සෝෆා‘‘ අවොත් හමුදා විරෝධයකුත් එයි – පාර්ලිමේන්තුවේදී අනතුරු ඇගවීමක්

විදේශ රටවල් හෝ විදේශ සංවිධාන සමඟ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට කටයුතු නොකළ යුතු බවට වූ කල්තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) විවාදයට ගැනුණි.

යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ප්‍රශ්නගත “ඇක්සා” සහ “සෝෆා” ගිවිසුම් පිළිබඳව ද අමෙරිකාව සමග එළඹීමට යෝජනා වී තිබෙන “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අදහස් පළ කෙරුණි.

අමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාවේ නීති අභිභවා ඔවුන්ගේ නීති අදාළ කරවන පරිදි වූ විධිවිධාන ද ප්‍රශ්නගත ගිවිසුම්වල ඇතුළත්ව තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විවාදයට එක්වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයත්, රාජ්‍ය බලයත් පවතිනුයේ හමුදා බලය තුළ බවත් තවත් වෙනත් රාජ්‍යයක හමුදාවටකට මෙරට නීතියට යටත් නොවී නිදහසේ ගැවසීමට ඉඩ දීම තුළින් ගැටුම්කාරී තත්වයක් ඇතිවන බව අවධාරණය කර සිටියේය.

(Lanka Leads)