Wednesday, July 02, 2025
Follow Us
හම්බන්තොට පිරිපහදු ගිවිසුම අත්හිටුවයි

කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා ගිවිසුම නවතී


හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සිංගප්පූර්වේ සිල්වර් පාර්ක් පෙට්‍රෝලියම් පුද්ගලික සමාගම සමග ඇති කර ගත් ආයෝජන ගිවිසුම අත්හිටුවීමට ආයෝජන මණ්ඩලය තීරණය කර ඇත.

2019 මාර්තු 13 වැනිදා මෙම ගිවිසුම අත්සන් කර තිබේ. ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ගිවිසුමේ නියමයන් හා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් බව ආයෝජන මණ්ඩලය පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර 400ක භූමියක්ද ලබාදී තිබුණි. මෙහි ආයෝජන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 3850කි.

(Aruna)