Tuesday, July 01, 2025
Follow Us
ඔලිම්පික් එකට අපෙන් බේස්බෝලේ

ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් ඔලිම්පික් එකට යොදා ගත් පළමු අවස්ථාව


ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දුවකි.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය වේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන සුජීව විජේනායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව වාර්තා වේ.

(Aruna)