Tuesday, July 01, 2025
Follow Us
ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයින් 08 දෙනෙකුගේ පීසීආර් නෙගටිව්

කුර්නාල් පාණ්ඩියා කොවිඩ්-19 ආසාදනයවීමෙන් පසු ඔහුගේ ආශ්‍රීතයන් ලෙස හදුනා ගැණුනු ඉන්දීය ක්‍රීඩකයින් 8 දෙනාට ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන 20 යි 20 තරඟය අද දිනයේ පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇඟිල්ලේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂට ඉදිරි තරඟ දෙක අහිමිවනු ඇති බවද වාර්තා වනවා. ඔහු වෙනුවට සදීප සමරවික්‍රමට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් ආරංච් මාර්ග සදහන් කළේ.

(Neth)