Sunday, September 08, 2024
Follow Us
රතු නිවේදනයට එරෙහිව මහේන්ද්‍රන් ගොනු කළ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසිකරයි

තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර තිබූ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.

තමන් වරදක් සිදුකර නොමැති බවත් එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් තමන් වෙත රතු නිවේදන නිකුත් කිරීම නීති විරෝධී බව පවසමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබූ බවද අබේසේකර මහතා කියා සිටියේය.

මෙම රතු නිවේදනය නිකුත් කිරීමට හේතුව හා යොමුකර තිබු ලේඛන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර එය නිවැරදි ආකාරයෙන් ඉදිපත් කර ඇති බවට තොරතුරු තහවුරු කරගෙන මහේන්ද්‍රන් මහතාගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කර ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් එලෙසින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.

(Lanka Leads)