Sunday, September 08, 2024
Follow Us
හමුදාවෙන් මැරූ බව කියූ ද්‍රවිඩ ජාතිකයන් 400 ක් කැනඩාවේ

ශී‍්‍ර ලංකා හමුදාව විසින් ඝාතනය කළ බවට කොටි සංවිධානය විසින් ප‍්‍රචාරය කළ ද්‍රවිඩ ජාතිකයන් 400 ක් පමණ දෙනා කැනඩාවේ ටොරොන්ටෝ් නුවර වාසය කරන බව වසර 10 කට පසු හෙළි වී ඇත.

එහෙත් මේ පිරිසගේ අනන්‍යතාව හෙළි කිරීම කැනඩා රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

නිව් ටොරොන්ටෝ පුවත්පතට තොරතුරු හෙළි කරන සිමෝ්්නාපිල්ලේ නමැති කාන්තාව මෙම ද්‍රවිඩ ජනතාව ශී‍්‍ර ලංකාවෙන් පැන ආ බව තහවුරු කර ඇතැයි සඳහන් කර ඇත.

වවුනියා මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළ කොටි ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප‍්‍රධානී සුදර්ශන් ද ටොරොන්ටෝ්් නුවර සිටින බවත් ඔහු රටින් පිටුවහල් කරන ලෙස ශ‍්‍රී ලංකාව කළ ඉල්ලීම ද කැනඩා රජය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් හෙළි වී තිබේ.

(Lanka Leads)