Sunday, May 19, 2024
Follow Us
2032 ඔලිම්පික් සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවරට හිමිව තිබෙනවා. ඒ, ඊට අදාල අනුමැතිය අද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් හිමිවීමත් සමඟයි.

ඒ අනුව 1956 වසරේ මෙල්බර්න් සහ 2000 වසරේ සිඩ්නි නුවර ට පසුව ඕස්ට්‍රේලියාවේදී ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වනු ඇති. ඇමරිකා එක්සත් ජනපදයට පසුව එකම රටක නගර තුනක දී ඔලිම්පික් උළෙල පවත්වන රට ලෙසද ඕස්ට්‍රේලියාව ඉතිහාසයට එක්වීමට නියමිතයි.

(Neth)