Tuesday, July 01, 2025
Follow Us
ලංකාවේ සංචාරය කළ අයට UAE යන්න බෑ

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ගුවන් මගීන් රැගෙන යාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහාඩ් ගුවන් සේවය ලබන 31 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව පාකිස්ථානය, නේපාලය හා බංග්ලාදේශය යන රටවලට මෙම තහනම බලපැවැත්වේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බලනොපාන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සති දෙකක කාලය තුල මෙම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීමට අනිද්දා දක්වා අවසර නොමැති අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඒමීර් රජය තීරණය කර ඇත.

(Aruna)