Tuesday, July 01, 2025
Follow Us
ලෝකය කොවිඩ් තුන්වන රැල්ලක් අභියස

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම සමාජය තුළ සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ සමාජ සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හේතුවෙන් නැවතත් කොරෝනා අසාදිතයින් ගණන සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කර තිබේ.

කොවිඩ් වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවත් මේ වනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111 ක පැතිර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)