Monday, May 06, 2024
Follow Us
 වට්ස්ඇප් ලොකු වෙනසක් කරන්න සූදානම්

ලොව ජනප්‍රිය සමාජජාල මෘදුකාංග යෙදවුමක් වන වට්ස්ඇප් දුරකථනයක් නොමැතිව භාවිතා කිරීමේ අවස්ථාව නුදුරේදීම එහි පරිශීලකයන්ට ලබාදීමට එම සමාගම තීරණය කර තිබේ.


වට්ස්ඇප් යෙදවුමේ හිමිකාරිත්වය දරණ ෆේස්බුක් සමාගම විසින් ඒ සදහා තාක්ෂණික පරීක්ෂණ අත්හදා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මේ වන විට ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් ආදී පරිගණක හරහා ස්මාර්ට් දුරකථන උපයෝගී කර ගනිමින් වට්ස්ඇප් යෙදවුම භාවිතා කළ හැකි වේ.

වට්ස්ඇප් පද්ධතියට එකතු වන නව විශේෂාංගයත් සමග පරිශීලකයාගේ ජංගම දුරකථනයේ බැටරිය අක්‍රිය වුවද පණිවුඩ යැවීමට අවස්ථාව හිමිවීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ වන විට ලොව පුරා වට්ස්ඇප් යෙදවුම භාවිතා කරන්නන් ප්‍රමාණය බිලියන දෙකක් පමණ වන බව එම සමාගම පවසයි.

(Aruna)