Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයන්ගේ හමුවක් ඊයේ (07) Phnom Penh නගරයේ දී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට එහි දී පුළුල් අවධානයක් යොමු වූ අතර, දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතුවල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගළුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳත් වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි.

මේ සමුළුව අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා එම සමුළුව අමතනු ලැබීය.

කාම්බෝජයේ වානිජ මණ්ඩල සභාපති Neak Okhna Kith Meng මහතා සහ ශ්‍රී ලංකා කොළඹ වානිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Dinamina)