Monday, May 06, 2024
Follow Us
සයිනොෆාම් එන්නත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර තිබේ.


මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රදානයක් බවයි.

එම එන්නත් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන එන්නත්කරණ වැඩසටහන තවත් වේගවත් කළ හැකි හැකි බව චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

 

#China decides to donate another 1.6 million doses of #Sinopharm #vaccine to #SriLanka in coming weeks to help further speed up the island’s #VaccinationDrive

We always remember all the support received from Sri Lanka when China was in trouble.

Come on Lanka! #TogetherWeCan pic.twitter.com/08MY0xZ2vH

— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 15, 2021

 

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.

(Aruna)