Tuesday, May 07, 2024
Follow Us
දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රය චීනයේ චොංකිං හිදී විවෘත වේ

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චොංකිං හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ (South West University) දී පැවති දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී විය. උප අමාත්‍ය වු ජියන්හාවෝ මැතිතුමාගේ ආරාධනය පරිදි එතුමා මෙම උත්සව අංගය සඳහා සහභාගී විය. පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ නේපාලය යන රටවල තානාපති වරු ද මේ සඳහා සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්කවලට වසර නවයකට පෙර අත්‍යන්ත දිළිඳුභාවය තුරන් කොට මධ්‍යස්ථ සමෘද්ධිමත් මට්ටම කරා ළඟා වූ චීනය, දැන් එම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා අන් අයට සහාය වෙයි. දක්නට ලැබෙන සියළු සමෘද්ධිමත්භාවය පැවතියදී වුවද, චීනය අනෙකුත් බොහෝ සංවර්ධනය වන රටවලට පෙර බොහෝ දේ ළඟාකරගත්, තවමත් සංවර්ධනය වන රටක් ලෙස පවතී.

විදේශ අමාත්‍ය වැංග් යී මැතිතුමා විසින් සත්කාරකත්වය සපයන ලද දකුණු ආසියානු රටවල් සඳහා වූ සූම් රැස්වීමක දී, මෙවැනි කේන්ද්‍රයක් පිහිටුවීම පිළිබඳ අදහස මුළින්ම ඇතිවිය. මෙම කේන්ද්‍රය, නවීන කෘෂිකර්මය කෙරෙහි අවධානය යොමු කරමින්, නව අදහස් හා විශිෂ්ඨ පරිචයන්, දැනුම් හුවමාරුව සහ ප්‍රායෝගික සහාය සඳහා පහසුකම් සපයයි. නිරිතදිග විශ්වවිද්‍යාලය, කෘෂිකාර්මික පර්යේෂණ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ චීනයේ පෙරමුණ ගත් ආයතනයකි.

කෘෂිකාර්මික ඵලදායීතාවය, පසු අස්වනු හානි මඟහැරවීම, වඩාත් හොඳ ඇසුරුම්කරණය සහ ලාභදායී චීන වෙළඳපොළ වෙත පහසු ප්‍රවේශය කෙරෙහි අවධානය යොමු කරන ලද සහාය තුළින් ශ්‍රී ලංකාව වැනි රටවලට බොහෝ ප්‍රතිලාභ ලබාගත හැකි වන බව සභාව අමතමින් ආචාර්ය කොහොන මැතිතුමා පැවසීය. වර්තමානයේ දී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන චීන වෙළඳපොළ සංවර්ධිත රටවල් හතරක පහක පාලනයට නතුව පවතී. ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මය වෙත මාරුවෙමින් පවතින බැවින්, මෙම වෙළඳපොළ වෙත පිවිසීම තීරණාත්මක වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං
2021 ජූලි 13 වැනි දින

(LNW)