Tuesday, July 01, 2025
Follow Us
මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 15 ක් ලබන සිකුරාදා මෙරටට

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ලක්ෂ 15 ක් ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1 දශම 04 යි 05 ක් මෙරටට ලබා දීමට ජපානය තීරණය කර තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් තොගය මෙරටට ලබා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළා.

(Neth)