Saturday, May 04, 2024
Follow Us
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් අතර ද්විපාර්ශ්වික සහයෝගීතා සමාලෝචන සාකච්ඡා

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචන කරති

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන සහයෝගීතාවයේ නව ක්ෂේත්‍රයන් කරා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා එකඟ වී තිබේ.

ලක්සම්බර්ග් හි විදේශ අමාත්‍යවරයා 2020 ජනවාරි ශ්‍රී ලංකාවෙහි නිරත වූ පළමු නිල සංචාරයේ පසු විපරමක් ලෙස, අමාත්‍යවරුන් දෙදෙනා ඉකුත් සිකුරාදා (9) වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී මෙම එකගතාවට එළඹිණ. මෙම සාකච්ඡාවේ දී 2022 වසරේ දී එළඹෙන ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 50 වැනි සංවත්සර නිමිත්තෙන් දෙරටේ සූදානම පිළිබදවද අවධානය යොමු කර ඇත. මෙම සුවිශේෂී සංවත්සරය ලබන වසරේ දී සුදුසු පරිදි දෙරටේ දීම සැමරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙන එකඟ වූහ.

ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේ දී, අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ අතර, විශේෂයෙන් මූල්‍ය අංශයේ, තිරසාර හා හරිත බැඳුම්කර මූල්‍යකරණය, වෙළඳ හා ආයෝජන, ගුවන් සම්බන්ධතාවය, සේවා නියුක්තිය සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, වැඩි දියුණු කළ ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් කරුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයෙහි ප්‍රගතිය, කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සහ බහුපාර්ශ්වීය ආයතන සමඟ සහයෝගීතාව පිළිබඳව ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍යවරයාට විස්තර කළේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 ජූලි 10 වැනි දින

(LNW)