Sunday, May 05, 2024
Follow Us
මෛත්‍රී සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්. ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයත් හදිසියේ රැස්වෙයි

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් ඊයේ (06) පැවැත්වී තිබේ.

ඊයේ පස්වරු 4.00ට පමණ මෙම හමුව සිදුවී ඇති අතර පැයක පමණ කාලය දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන්.

මින් අනතුරුව ශ්‍රීලනිපයේ හදිසි දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් ද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වී ඇති අතර ඊට මහින්ද අමරවීර, ශාන් විජයලාල්, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන් යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී ඇත.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මීට සහභාගී වී නොමැති බවත් සඳහන්.

මේ පිළිබඳ විමසීමේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ එය හුදෙක් සාමාන්‍ය දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් පමණක් බවකි.

(LNW)