Thursday, September 19, 2024
Follow Us
ස්කොට්ලන්ත රෝහල්වල අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට යැවීම අභිරහසක්… ලේබර් පක්ෂ මන්ති‍්‍රනිය පරීක්ෂණයක් ඉල්ලයි

ස්කොට්ලන්තයේ රෝහල්වලින් ඉවත දමන සිරුරු කොටස් ශී‍්‍ර ලංකාවට යැවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලේබර් පක්ෂ මන්ති‍්‍රනී මොනිකා ලෙනන් සෞඛ්‍ය ලේකම්වරිය වූ ජින් පි‍්‍රමන්ගෙන් ඉල්ලා ඇත.

ස්කොට්ලන්ත රෝහලින් ඉවත දමන ද්‍රව්‍ය ගෙන යෑමේ කොන්ත‍්‍රාත්තුව භාරව සිටි එච්. ඊ. එස්. සමාගම එම කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් වී තිබේ. මෙම සිද්ධියෙන් පසු ස්කොට්ලන්ත රෝහල්වල සිරුරු කොටස් ඇතුරුදන් වී ඇත.

ලේබර් පක්ෂ මන්ති‍්‍රනී මෙම තොරතුරු හෙළි කරන තුරු ශී‍්‍ර ලංකා රජයට ඒ ගැන වාර්තා වී නැත. ස්කොට්ලන්තයේ සිට අපද්‍රව්‍ය රැුගත් කන්ටේනර් 100 ක් කොළඹ වරායට පැමිණ ඇති බව ඇය තවදුරටත් හෙළි කර ඇත.

ස්කොට්ලන්ත රෝහල්වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීම එච්. ඊ. එස්. සමාගම ප‍්‍රතික්ෂේප කිරීම නිසා විශාල පිරිසකට රැුකියා අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර බ‍්‍රැඞ්බි නමැති ස්පාඤ්ඤ සමාගම ස්කොට්ලන්ත රෝහල්වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇතත් එම අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට යැවීම අභිරහසක් වී ඇත.

(Lanka Leads)