Sunday, May 05, 2024
Follow Us
කොරෝනා වෛරසයෙන් ලක්ෂ 40ක් මරුට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සමස්ත පුද්ගලයින් ගණන ලක්ෂ 40ක් ඉක්මවා තිබේ.


වර්ල්ඩ්ඕමීටර්ස් (worldometers) වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මේ වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,002,824කි.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 621,335කි.

ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

බ්‍රසීලයේ සිදුවූ කොවිඩ් මරණ ගණන 525,229කි.

ඉන්දියාවේ කොවිඩ් මරණ – 403,310
මෙක්සිකෝවේ කොවිඩ් මරණ – 233,689
පේරු රාජ්‍යයේ කොවිඩ් මරණ – 193,389
රුසියාවේ කොවිඩ් මරණ – 139,316
බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ – 128,231
ඉතාලියේ කොවිඩ් මරණ – 127,680
ප්‍රංශයේ කොවිඩ් මරණ – 111,197

(Aruna)