Tuesday, April 21, 2026
Follow Us
තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් අද අලුයම දිවයිනට

තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙනවිත් ඇත.

මෙය ශ්‍රී ලංකාව මුදල් ගෙවා ලබාගත් සිව්වැනි කොවිඩ් එන්නත් තොගය වේ.

(LNW)