Sunday, May 05, 2024
Follow Us
අධ්‍යයන වර්ෂ 2021-22 සඳහා ස්වයං මූල්‍ය යෝජනාක්‍රමය යටතේ අයදුම්පත් කැඳවේ

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය


කොළඹ

පුවත්පත් නිවේදනය

අධ්‍යයන වර්ෂ 2021-22 සඳහා ස්වයං මූල්‍ය යෝජනාක්‍රමය යටතේ අයදුම්පත් කැඳවේ

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් (ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්, OCI කාඩ්පත් හිමියන් සහ අනේවාසික ඉන්දියානුවන් හැර) ස්වයං මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ 2021-22 අධ්‍යයන වර්ෂය සඳහා MBBS, BDS, BE, B.Tech, B.Pharm සහ B.Arch යන උපාධි පාඨමාලා සඳහා සහ ඩිප්ලෝමා මට්ටමේ තාක්ෂණික පාඨමාලා සහ ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

2. MBBS / BDS පාඨමාලා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සිසුන් NEET පරීක්ෂණයෙන් (NEET සම්බන්ධ විස්තර සඳහා https://ntaneet.nic.in වෙබ් අඩවිය වෙත පිවිසෙන්න) අවම ලකුණු 50 ක් ලබා ගත යුතු වේ. B.Arch අපේක්ෂකයින් නවදිල්ලියේ ගෘහ නිර්මාණ කවුන්සිලය විසින් නියම කරන ලද පරීක්ෂණය සමත් විය යුතුය.

3. උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට සතියේ ඕනෑම වැඩ කරන දිනයක පැය 1400-1600 අතර කොළඹ 03, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයට තම අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික (විභාග දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල විසින් නිකුත් කරනු ලබන) හෝ ලන්ඩන් සාමාන්‍ය හා උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර අයදුම්පත් ලබාගත හැකිය.

4. අවශ්‍ය කෙරෙන සියළුම සහතික සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත් මහ කොමසාරිස් කාර්යාලය විසින් භාරගන්නා අවසාන දිනය 2021 අගෝස්තු 06 වේ.

* * * * *

කොළඹ
2021 ජූලි 01

(LNW)