Wednesday, July 02, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහායවීමට සූදානම් බව දන්වා ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා හමුවු අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග දක්වා සිටී.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පස්වල නිරෝගීකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස්ත්‍රික්කවල පසේ සංයුතිය පිළිබඳව දර්ශකයක් සකස් කරගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බවට යෝජනා කර ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටී.

(Lanka Leads)